සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් පහකට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට බලපාන තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බවයි.
මෙම අනතුරු ඇඟවීම අගෝස්තු 8 පෙරවරු 11.30ට නිකුත් කර ඇති අතර, අගෝස්තු 9 පෙරවරු 11.30 දක්වා බලපැවැත්වේ.
අදාළ ප්‍රදේශවල ජනතාවට පවතින තද සුළං තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම්වීම් සිදුකරන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.



