Central Bank to further extend moratorium

ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් නොවේ

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය  රැස්වූ අවස්ථාවේදී පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 සීමාවේ නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව සඳහන් කළේය.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉලක්කගත සීයට 5 උද්ධමන සීමාව පවත්වාගෙන යමින් රටේ ආර්ථික වර්ධනයට සහාය වීමට ප්‍රමාණවත් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බව මහ බැංකුව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *