ජනපති අස්ගිරි අනු නාහිමිට අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියන්ගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබෙන අස්ගිරි මහා විහාර උඩුගම  ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණ ශාලාව වෙත  පැමිණි ජනාධිපතිවරයා   දේහයට අවසන් ගෞරව දැක් වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සාතිශය සංවේගය පළ කළේය.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නායක  මහ නා හිමි බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවකද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *