පළාත් සභා සංචිත වල ඇති සුඛෝපභෝගී වාහන ජනාධිපති කාර්යාලය වෙත කැදවයි.

පළාත් සභා සංචිත වල ඇති සුඛෝපභෝගී වාහන ජනාධිපති කාර්යාලය වෙත කැදවා ඇති බව වාර්තා වේ.

දැනට වසර කිහිපයක් තිස්සේ පළාත්සභා විසුරුවා ඇති නිසා ඒවායේ මහ ඇමතිවරුන්, අමාත්‍යවරුන් භාවිතා කරන ලද වාහන මෙසේ කැඳවා ඇත.

ආණ්ඩුවේ තනතුරු දරන සහ ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධුරය දරන මන්ත්‍රීවරුන් සහ ආයතන ප්‍රධනීන් සඳහා වාහන ලබා දීම සඳහා මෙම කැඳවීම කර තිබේ.

දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා එම පිරිස් වෙත වාහන ලබා දීමේදී රජය අපහසුතාවයට පත්ව සිටින අතර එය කළමනාකරණය කර ගැනීම සඳහා මෙසේ වාහන කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *