පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට පැමිණි 139ක් නැවත හරවා යවයි

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 53,030ක් බවය.

එමෙන්ම ඊයේ දිනය තුළ බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 13කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 8,849 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී පුද්ගලයන් 139 දෙනෙකු පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි බව හඳුනාගෙන ඇති අතර ඔවුන්ට අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *