Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පළාත් අතර බස් ධාවනය අරඹන්නේ කෙසේද?

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පළාත් අතර සංචරණ සීමා ලබන 21වන දිනෙන් ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කෙසේවෙතත් එදිනෙන් පසුව ද සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කළහොත් විශේෂ අවසරයක් මත පළාත් අතර බස්රථ කිහිපයක් හෝ ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිට මගීන්ගෙන් අධික මුදලක් අය කරමින් විවිධ පළාත්වල සිට බස්රථ නීතිවිරෝධීව ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති අතර එවැනි බස්රථ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ අදහස