පළමු බූස්ටර මාත්‍රාව චීන ජාතිකයින්ට

Sinopharm මාත්‍රා දෙකෙන්ම ලබාගත් චීන ජාතිකයින්ට තුන්වන මාත්‍රාව පෝට් සිටි පරිශ්‍රයේදී ඊයේ ලබා දෙන ලදී.

කොළඹ මහ නගර සභාවේ (CMC) ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගුරුගේ පැවසුවේ, ශ්‍රී ලංකාවේදී සිනෝෆාම් එන්නත මුලින්ම ලබා ගත්තේ චීන ජාතිකයින් බවයි.

“චීන ජාතිකයින් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන අද සහ හෙට පැවැත්වෙන අතර පෝට් සිටි වෙතින් පළමු සහ දෙවන මාත්‍රාව ලබා ගත් ඕනෑම අයෙකුට තුන්වන එන්නත ලබා ගත හැකියි. පෝට් සිටි එකෙන් තුන්වැනි මාත්‍රාව ගන්න තුන්දහසක් විතර ඉන්නවා.” ඇය පැවසුවාය.

මේ අතර, තෙවන මාත්‍රාව ලබා දෙන ලෙස චීන ජාතිකයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිතා ගිනිගේ වැඩිදුරටත් පැවසීය.

මෙම පසුබිම යටතේ නොවැම්බර් 1 දා සිට කොවිඩ් -19 ට එරෙහි සටනේ යෙදී සිටි සෞඛ්‍ය, හමුදා, පොලිසිය, සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් අංශවල ඉදිරි පෙළ සේවකයින් සඳහා බූස්ටර මාත්‍රාවක් ලබා දෙන බව රජය අද නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Sinopharm කෝවිඩ් -19 එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස චීන තානාපති කාර්යාලය මේ වසරේ මාර්තු මාසයේදී රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව චීන ශ්‍රමිකයින් සඳහා වන Sinopharm එන්නත් නිකුත් කිරීම අප්‍රේල් 5 වැනිදා ආරම්භ වී මැයි 5 වැනිදා අවසන් විය.

වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, චීන ජාතිකයින් 2,865 ක් පමණ පළමු මාත්‍රාව Sinopharm ලබාගෙන ඇති අතර 2,435 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට දන්වා තිබුණේ මෙම එන්නතෙහි ආරක්ෂාව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු ශ්‍රී ලාංකිකයින්ට Sinopharm එන්නත් ලබා නොදෙන බවයි.

ඉන් අනතුරුව, මැයි 8 වනදා සිට ශ්‍රී ලාංකිකයින් සඳහා Sinopharm එන්නත නිකුත් කිරීම ආරම්භ වූ අතර එය දැනට ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන එන්නත බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *