පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්

මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බවත් එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පළමු මාස තුළ අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 78,700 ට වඩා සියයට 6 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 38,100 ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 5,100 ක් සහ රේගු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 35,300 ක් උපයා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *