Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පස්කඳු කඩා වැටී ඇල්ල – වැල්ලවාය පාර අවහිර වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඇල්ල – වැල්ලවාය මාර්ගයට 7 කණුව ප්‍රදේශයේදී පස්කඳු කඩාවැටී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ(24) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ තැනින්තැන පස්කඳු සහ ගස් කඩාවැටී ඇති බවය.

මේ වනවිට එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇති බවද වාර්තා වෙයි.

මේ අතර රන්දෙනිය ප්‍රදේශයේ නිවාස දෙකකට පස් කඩාවැටී හානි සිදුවී ඇති බවද අප වාර්තාකරු පැවසීය.

ඔබේ අදහස