පනාමුරේ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයාගේ මරණයට විවෘත තීන්දුවක්

පනාමුර පොලිස් ස්ථානයේ සිරමැදිරියක ගෙල වැලලාගෙන සිටියදී හමුවූ ඉන්දික ජයරත්නගේ මරණයට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ නිගමනයෙන් පසුව තීරණය කරන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇඹිලිපිටිය, පනාමුර, වැලිපතය ප්‍රදේශයේ පදිංචි කරාලහිංගේ ඉන්දික ජයරත්න (38) පනාමුර පොලිස් බන්ධනාගාරයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ මහතා විසින් අද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වන ලදී.

විරෝධතාවයේ නිරත ගම්වාසීන් ඉල්ලා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු නොකර වෙනත් රෝහලක සිදුකරන ලෙසයි.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු සිටියදී මෘත ශරීරය වෙනත් රෝහලකට යැවීමේ අවශ්‍යතාවක් නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබුණි.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *