පක්ෂයෙන් නෙරපා හැරීම ගැන සුසිල් ප්‍රේමජයන්තගෙන් පිළිතුරක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් හෙට සිට යළි නීතිඥ වෘත්තියට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රමජයන්ත මහතා අමාත්‍ය ධූරයෙන් නෙරපා හැර ඇති බව අද පෙරවරුවේ වාර්තා විය.

“ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කළ බව” ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

පාර්ලිමේන්තු වගකීම් පවරන්නේ සනීපාරක්ෂාව සඳහා සුදුසුකම් නොමැති අයට බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මෑතක සිට රජයේ වැඩසටහන් කිහිපයක් විවේචනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *