නොදිරන ලන්ච් ෂීට් තහනම අද සිට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශය පවසයි.

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් අද සිට තහනම් වන අතර ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද තහනම් බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

කේසේවුවද දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පසුගිය දා පියවර ගත් අතර එම කාලය තුළ පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්පුර්ණයෙන් තහනම් කර තිබුණි.

එමෙන්ම නොදිරන ලන්ච් ෂීට් තවදුරටත් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කළේය.

එම නියෝග නොතකා කිසියම් අයෙක් ඒවා නිපදවීම හා බෙදා හැරීම සිදුකරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *