නොදන්නා මූලාශ‍්‍රයකින් රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ පනහක මුදලක්…

තම බැංකු ගිණුමට තමන් නොදන්නා මුලාශ‍්‍රයකින් හදිසියේම ලක්ෂ 50 ක් එදා බැර වී ඇති බව ‘රැට්ටා’ හෙවත් රතිදු සේනාරත්න සඳහන් කරයි.

තමන් මේ සම්බන්ධයෙන් අදාළ බැංකුවට පැමිණිලි කළ බවත් ඉදිරියටද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අරගලය වෙනුවෙන් තමන් අතින් වියදම් කළා මිස පුද්ගලිකව කිසි වාසියක් ලබා නොගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *