නේපාලයේ දී ශ්‍රී ලංකා යොවුන් ෂට්ලර් ක්‍රීඩකයෝ රන් පදක්කමක් දිනා ගනී

නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිපුරේශ්වෝර්හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ඊයේ පැවැති දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 17න් පහළ සහ 15න් පහළ වයස් කාණ්ඩ දෙකේදීම රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

වයස අවුරුදු 17න් පහළ අවසන් මහා තරගයේදී බංග්ලාදේශය වට 3-2කින් පරාජය කළ ශ්‍රී ලංකාව වයස අවුරුදු 15න් පහළ ඉසව්වේ අවසන් මහා තරගයේදී නේපාලය වට 3-0කින් පරාජය කළේය.

වයස අවුරුදු 17න් පහළ තරගය සඳහා රනිත්මා ලියනගේ, හිරුක සහන්මිත් අලුත් පටබැඳිගේ, රනුමි මානගේ සහ තිදාස වේරගොඩ තරග වැදුණු අතර වයස අවුරුදු 15න් පහළ තරගය සඳහා සෙනුත් සෙත්මිනා පෙරේරා, නෙත්මි අමායා රත්නායක, කෙනෙත් අරුක්ගොඩ සහ සිතුලි රණසිංහ ඉදිරිපත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *