නෙදර්ලන්තයෙන් එවන ලද එක්ස්ටසි පෙති 4000ක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සොයා ගැනේ

මධ්‍යම තැපැල් හුවමාරුවට අනුයුක්ත රේගු නිලධාරීන් විසින් නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචිකරුවෙකුට යවන ලද මෙතම්ෆෙටමින් අඩංගු එක්ස්ටසි පෙති කිලෝග්‍රෑම් 1.6 ක තොගයක් සොයාගෙන තිබේ.

පාර්සලයේ කාඩ්බෝඩ් බිත්ති තුළ රහසිගතව සඟවා තිබියදී මෙම එක්ස්ටසි පෙති තොගය සොයාගත් බව රේගුව පවසයි.

පෙති 4000ක් අඩංගු පෙති තොගයේ වීදි වටිනාකම ආසන්න වශයෙන් රු. මිලියන 26 කි.

එම පාර්සලය නිෂ්කාශනය කිරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *