නුවරඑළිය හෝටලයක තිබී අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි

නුවරඑළිය කළුකැලේ ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ අඹුසැමි යුවලක් මියගොස් සිටියදී අද (27) පෙරවරුවේ සොයා ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.

ඔවුන් සිය පවුලේ සාමාජිකයන් සමඟ කිරුණැගල ගොකරැල්ල ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණ ඇති බව වාර්තා වේ. පවුලේ සාමාජිකයන්ට අනුව ඊයේ (26) මධ්‍යම රාත්‍රිය වනතුරු ඔවුන් බාබකියු සාදයක් පවත්වා ඇත.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික ශීතල හේතුවෙන් මෙම යුවළ නින්දට යාමට පෙර බාබකියු යන්ත්‍රය තම කාමරය තුළට රැගෙන ගොස් ඇති බව පසුව අනාවරණය විය.

අද උදෑසන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඔවුන් අවදි නොවූ නිසා කාමරයේ දොර විවෘත කර ඇති අතර, යුවළ ඔවුන්ගේ ඇඳේ මියගොස් සිටිනු දැක තිබේ.

මියගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි සහ 58 හැවිරිදි කාන්තාවක්. නුවරඑළිය මහේස්ත‍්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්‍ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *