නුවරඑළියෙන් එළවළු කිලෝ ලක්ෂයක් කොළඹට

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු ඉල්ලුමකට අනුව කොළඹට එළවළු කිලෝ ලක්ෂයක් එවූ බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථාන කලමනාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් – රුපියල් 140 කට, කැරට් -රුපියල් 210කට , ලීක්ස් කිලෝවක්  -රුපියල් 210කට, රාබු කිලෝවක්  රුපියල්160කට, බීට්රුට් කිලෝවක් රුපියල් 260කට , බීට්රූට්/කට් – රුපියල් 330, අර්තාපල් කිලෝවක් රුපියල් 270, රතු අර්තාපල් -රුපියල් 290, නෝකොල් – රුපියල් 260 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් එසේ යොමු කළ බව , කළමනාකර වරයා සඳහන් කළේය.

එලවලු කිලෝ ලක්ෂයක් ඊයේ (11) ප්‍රවාහනය කළ  බව ද කීය.

එළවළු කිලෝ ලක්ෂකය  තවත් ඇණවුමක් ලැබි ඇතැයි ද ඔහු කීය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මේ දිනවල වෙළදපොලේ එලවළු සදහා පවතින ඉල්ලුම අඩු බව ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *