නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ඉල්ලා සිටී

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මෙම කාලය තුළ සියලු පාර්ශ්වවලින් සන්සුන් වන ලෙස ඉල්ලා තිබේ.

“ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් සහ දිගුකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු,” ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

එක්සත් ජනපදය සියලු ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *