නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කළ යුතුයි

ඡන්ද කොට්ඨාස මට්ටමින්  පිහිටුවා තිබූ  නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල  ඊයේ(19දා)මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කර තිබිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එක් එක් ඡන්ද ප්‍රදේශ මට්ටමින්  පිහිටුවා තිබෙන නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල 22 වැනි දින මධ්‍යම රාත්‍රී දක්වා පවත්වාගෙන යා හැකි බවද පෙන්වා දෙයි.

මැතිවරණ කොට්ඨාස මට්ටමින්  පිහිටුවන ලද  නිවේදිත මධ්‍යගත කාර්යාල හා  අපේක්ෂකයාගේ බලයලත්  නියෝජිතයාගේ  සාමාන්‍ය පදිංචි නිවෙස කාර්යාලක් ලෙස යොදා ගෙන තිබෙනවා නම්  ඒවාද මේ මස 22 වැනි දින මධ්‍යම රාත්‍රී දක්වා  පවත්වාගෙන යා හැක.

නිදහස් හා  සාධාරණ  ඡන්ද විමසීමක්  පැවැත් වීම සදහා නිවේදිත  ඡන්ද කාර්යාල සම්බන්ධයෙන් ඉහළ අනුකුලතාවක්  දක්වන ලෙසට සියලුම දෙනාගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *