නිල් මැණික් පොකුරට අයිතිකරු තැබු ලංසුව

ප්‍රකට ව්‍යාපාරික අර්ල් ගුණසේකර මහතා සතුව තිබූ කිලෝග්‍රෑම් 80ක පමණ බරින් යුතු නිල් මැණික් පොකුරක් අලෙවි කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අද භාරදුන්නේය.

ඔහු පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 50කට එම මැණික් පොකුර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.

ව්‍යාපාරික අර්ල් ගුණසේකර මහතාට අයත් රක්වාන ප්‍රදේශයේ පතලක නිර්මාණය වූ එම විශාල මැණික් පොකුර හමුව තිබුණේ මීට වසර පහකට පෙරය.

කිලෝග්‍රෑම් 510ක ආර්නූල් වර්ගයේ විශාල මැණික් පොකුරක් රත්නපුර කහවත්ත ප‍්‍රදේශයෙන් හමුවීමේ සිද්ධිය වාර්තාවීමෙන් පසුව තමන් සතු මැණික් ගල පිළිබඳව අර්ල් ගුණසේකර මහතා විසින් විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් අද අර්ල් ගුණසේකර මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ මැණික් පොකුර පරීක්ෂා කළේය.

නිල් මැණික් වර්ගයට අයත් එම මැණික් පොකුර කිලෝග්‍රෑම් 80ක පමණ බරින් යුක්තය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති, තිලක් වීරසිංහ මහතා පවසා සිටියේ, නොවැම්බර් මාසයේ චීනයේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය සඳහා මෙම මැණික් ගල් පොකුර ඉදිරිපත් කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *