නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට

නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පානදුගම ප්‍රදේශයෙන් ජල මට්ටම මීටර් 6.87ක් දක්වා ඉහළගොස් ඇති බවය.

රාත්‍රී 8ට පමණ එහි අගය සටහන්ව තිබුණේ මීටර් 6.85ක් ලෙසටය.

මෙය මීටර් 7.50ක් දක්වා ඉහළගියහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්විය හැක.

මේ වනවිට නිල්වලා ගඟේ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *