නිරෝධායන රීති කැඩූ පස්දෙනෙක් අත්අඩංගුවට – නිරෝධාය නීති වලට අනුගතවෙන්නැයි පොලිසියෙන් ජනතාවගෙන් ඉල්ලයි

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුව ආවරණ නොපැළදීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා යටතේ බවයි අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයන් 3,391 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේද නිරෝධායනය රීතිවලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින අජිත් රෝහණ මහතා, නිරෝධායනය රීති උල්ලංගණය කරන පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවත් ප්‍රකාශ කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *