නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරයිද ?

ලබන සඳුදායින් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ, සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින බවය.

“සති 4ක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවෙනවා. මරණ අඩුවෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ.., ලබන සඳුදායින් පස්සේ රට වහයි කියලා. රට විවෘත කරලා අලුත් ජීවන රටාවකට යන්න වෙයි. කොවිඩ් එක්ක එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *