නිරිත දිග ප්‍රදේශවල තද වැසි ඇතිවීමේ ලකුණු.

අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක් දුරට තීව්‍ර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව ඔවුන් ප්‍රකාශ කළා.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

ඌව පළාතේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවට දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *