නිදහස් පක්ෂයේ තඹ සොරා ගත් අයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සවිකර තිබු වායු සමීකරණ යන්ත්‍ර 4ක තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීම සම්බන්ධයෙන් ද පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට පත්වු බවය.

එම සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවත් ඔහු අද (21) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබෙන දුම්රිය මැදිරිවල තඹ කම්බි සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්රිය ධාවන කළමණාකරුවෙකු විසින් දෙමටගොඩ පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු විසින් නවතා තිබෙන දුම්රිය මැදිරි තුළ ඇති විද්‍යුත් පරිපථ එකිනෙකට සම්බන්ධ කරන රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු තඹ කම්බි සොරාගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 62 හැවිරිදි බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *