නැගෙනහිර වායුගෝලය කැළඹෙයි, වැස්ස වැඩිවෙයි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද හා නැහෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු  හා ඌව පළාත්වලත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *