නැගෙනහිර පළාත් ඝාතන සම්බන්ධයෙන් පිල්ලෙයාන් රිමාන්ඩ්

2008 දී නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදු වූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” ජූලි 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඊයේ (30) නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ඝාතන සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජුනි 15 වන දින අධිකරණයට දැනුම් දී තිබුණි.

පෙර නඩු විභාගයේදී, නඩුවේ තුන්වන සැකකරු ලෙස චන්ද්‍රකාන්තන් නම් කිරීමෙන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

ඒ අනුව, ඊයේ උදෑසන දැඩි ආරක්ෂාවක් යටතේ චන්ද්‍රකාන්තන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩුව ජූලි 13 වන දින දක්වා කල් දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *