නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර අරඹන උත්සවයේ වියදම් පිළිබඳ සාකච්ජා කෙරේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර ආරම්භ කිරීමේ උත්සවය වෙනුවෙන් රුපියල් කෝටියක් වියදම් කළ බවටත් වන ප‍්‍රකාශයන් අසත්‍ය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ අදාල ප‍්‍රකාශය සිදු කන ලද පුද්ලගයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

“නැගෙනහිර පර්යන්තය දෙවෙනි අදියර උත්සවයට වියදම කෝටියයි” – C News Web
– යන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රතික්‍ෂේප කරයි

නැගෙනහිර පර්යන්තයේ දෙවෙනි අදියරේ වැඩ ආරම්භ කිරීම නිමිති කොටගෙන පැවති උත්සවයේ වියදම කෝටියක් යන මැයෙන් 2022 ජනවාරී 13 වන දින ලංකා සී නිවුස් හී පළවු ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමු වී තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියරේ මීටර් 720 කින් යුතු පර්යන්තය ඉදිකිරීම වෙනුවෙන් පැවති උත්සවය සඳහා රුපියල් කෝටියක් විදයම් වූවායැයි නැගෙන චෝදනාවන් සත්‍යයෙන් තොර පදනමක් නොමැති චෝදනාවක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර අවධානය දිනාගත යුතු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම උත්සව සමාරම්භය සැළසුම් කළ අතර උත්සවය සඳහා වැයවූ මුදලින් වැඩි ප්‍රමාණයක් අදාල ඉදිකිරීම් සමාගම දරා ඇති අතර ඒ බව මෙම චෝදනාවන් නගන පිරිස් නොදන්නා බව ආයතනික අදහසයි.

සැබෑ තත්ත්වයන් නොදන්නා පොදු මහජනතාව නොමග යැවීමේ පර්මාර්ථයෙන් යුතුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් – නිරෝෂන් ගොරකාන යන අය සිදු කරන මෙම ප්‍රකාශයන් වරාය අධිකාරිය තරයේ හෙළා දකින බවත්, සත්‍ය කරුණු ජනතාවට නිරතුරුව ලබාදීමට වරාය අධිකාරියේ කළමණාකාරිත්වය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කර සිටින අතර, මේ වෙනුවෙන් ආයතනික පරික්ෂණයක් ද සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *