නැගෙනහිර ජැටිය 100‍% ක් වරාය අධිකාරියට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යෑමට අදාලව ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය හිමිවී තිබේ. ඒ ඊයේ (01) සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. මෙම රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති අතර, අග්‍යාමාත්‍යවරයා හා වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

මෙහිදී වරාය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුවූ අර්බුදය විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි ශී‍්‍ර ලංකා රජයට වාසිදායක බැවින් ඉන්දියාවේ අදානි සමාගම මෙහි සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීම ප‍්‍රතික්‍ෂේප කරන බව සඳහන් කර ඇති බවයි.

ඒ අනුව නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමටත්, බටහිර ජැටිය ඉන්දීය ආයෝජනය සහිතව සංවර්ධනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ ඉදිරි මෙහෙයුම් සඳහා අවශ්‍ය ග‍්‍රැන්ටි දොඹකර ආනයනය කිරීමට ද ඊයේ  පැවති කැබිනට් සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *