නව මන්ත්‍රී ධම්මික පෙරේරා සිය සැලසුම් හෙළි කරයි.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් ඊට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් නව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් ධම්මික පෙරේරා කියා සිටියේ රජය තමන්ට සුදුසු අමාත්‍ය ධුරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ තමන් ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බව පවසන පෙරේරා, වත්මන් අර්බුදයට ද විසඳුම් ලබා දෙන බවට තමාට විශ්වාසයක් ඇති බව පැවසීය.

“මිනිසුන්ට රැකියා අහිමි වන මොහොතක, රැකියා අවස්ථා ඇති කිරීමට මම පාර්ලිමේන්තුවට පැමිණියෙමි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *