නව ආණ්ඩුවේ තනතුරු භාර නොගැනීමට ශ්‍රීලනිපය තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) තීරණයකට එළැඹ ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *