නවක මුහුණු කිහිපයක් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වෙයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු කර තිබේ.

දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කර ඇති අතර ප්‍රවීන් ජයවික්‍රම ද කොවිඩ් හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවේ.

මහේෂ් තීක්ෂණ, ලක්ෂිත මානසිංහ සහ දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් සංචිතයට නම් කර ඇත. ඔවුන් ඊයේ (ජුලි 4) කණ්ඩායමට එක්විය.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් කොවිඩ් අසාදනය වීම හේතුවෙන් නිරෝධායනය අද අවසන් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *