ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් මව සහ දියණිය පිළිස්සී මියයයි

ඊයේ සවස ධර්මපුරම් විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් කාන්තාවක් සහ ඇගේ නව යොවුන් වියේ දියණිය පිළිස්සී මිය ගොස් ඇත.

පිළිස්සී ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු නිවස තුළ තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මියගිය මව සහ දියණිය පිළිවෙලින් අවුරුදු 47 සහ 17 යන වයස්වල පසුවන විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය වූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *