දොස්තරලා 6,000ක් රට යන සූදානමක

ඒඑම්සී කළ වෛද්‍යවරුන් හය දාහක් රට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් දෙකක් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩ වර්ජනයකට යන බව ජයවර්ධන මහතා පැවසීය.

ඖෂධ 131 ක් රෝහල්වල නැති වෙනකොට රෝගීන්ට ඒවා ගැනීමටසිදුවන්නේ ෆාමසි වලින් බවත් වෛද්‍යවරුන් තුණ්ඩු නොලියා ඉන්න විට සිදුවන දේ තේරුම් ගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *