දෛනික එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ මෙරට සිදුකරන ලද වැඩිම එන්නත්කරණ කටයුතු ඊයේ දිනයේ දී සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ දී එන්නත් මාත්‍රා 437,878ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සයිනෝෆාම්, ෆයිසර් සහ මොර්ඩනා එන්නත් මෙලෙස ලබාදී තිබේ.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 356,628 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 55,722 ටත් ලබාදී ඇත.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 108 දෙනෙකුට සහ මොර්ඩනා එන්නතේ පළමු මත්‍රාව පුද්ගලයින් 25,420 දෙනෙකුටත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,311,127 දෙනෙකුටත් ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 173,584 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 114,075 දෙනෙකුටත්, මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව 696,003 දෙනෙකුටත් ලබාදී තිබේ.

එමෙන්ම සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව 7,427,542කුට ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *