දෛනික ආසාදිතයින් 2,490ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 835 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,490කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 311,329ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,792ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 278,910ක් විය.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,508කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *