දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ තුනක් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාව මේ වන විට සිය ඖෂධ අවශ්‍යතාවයෙන් 40%ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් අනුගමනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳුදා ප්‍රකාශ කළේය.

අද වන විට එම අවශ්‍යතාවයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඖෂධ ආනයනය සඳහා යොදාගත් විශාල මුදලක් රඳවාගෙන ඇති බව සඳහන් කළ අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස මෙම පියවර සලකන බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) හරහා දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ වර්ග තුනක් දේශීය වෙළෙඳපොළට හඳුන්වාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.

SPC විසින් Levothyroxin 50mcg, Omeprazole 20 mg සහ Mefenamic Acid 50 mg දේශීය වෙළඳපොළට හඳුන්වා දෙන බව නිවේදනය කළේය.

රජයේ රෝහල්වල සහ පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල ද එම ඖෂධ ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *