දෙහිවල මුහුදේ කිඹුලා සොයා සෝදිසි මෙහෙයුම් අරඹයි

පසුගියදා දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිමිදුම්කරුවෙකුට පහරදුන් කරදිය කිඹුලා අල්ලා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.

දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටියදී කිඹුලාගේ ප්‍රහාරයට ලක්ව 58 හැවිරිදි කිමිදුම්කරුවෙකු මියගොස් තිබේ.

සාමාන්‍යයෙන් කිඹුලන්ට මුහුදේ ජීවත් විය නොහැකි බැවින් කිඹුලා ගං මෝය හරහා මුහුදට ඇතුළු වන්නට ඇති බවත් මුහුදේ සැඟවී සිට ගං මෝය සොයමින් සිටින්නට ඇති බවත් ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව ඔහු පැවසීය.

සෝදිසි මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක බව අමාත්‍ය සී බී රත්නායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *