දෙහිවල දී 69 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

ඊයේ (10) රාත්‍රියේ දෙහිවල, ඕබර්න් පටුමග ප්‍රදේශයේදී 69 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *