තමන් අමාත්‍ය ධූරයක් භාර නොගත්තේ මන්දැයි නාමල් හෙළි කරයි

පරිපාලනය විසින් ගනු ලබන ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ තමන් අනුමත නොකරන බැවින් වත්මන් රජය යටතේ අමාත්‍ය ධුරයක් භාර ගැනීමට තමන් කැමැත්තක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දේශිය පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි තත්ත්වයක් යටතේ තමන්ට අමාත්‍ය ධුරයක් භාරගත නොහැකි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දෙන්නේ කාටද යන්න මැතිවරණ ආසන්නයේදීම ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට වසරකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ධූරයට පත්වීම අනපේක්ෂිත ලෙස සිදු වූ ආකාරය හා සමාන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය සිදුවී ඇති බවත් ඉදිරියේදී ඕනෑම දෙයක් කළ හැකි බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *