“දෙමළ, සිංහල, මුස්ලිම් සියලුදෙනා නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් අවශ්‍යයි”

සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු දෙනා නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද දින​යේ අපි බලාපොරොත්තු වෙනවා මේ යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ආරම්භ කරන්න. අද ඒ සඳහා මුල්ගල් තියන්න සැලසුම් කරලා තිබෙනවා. අපිට අවශ්‍ය කුමක්ද? දෙමළ, සිංහල, මුස්ලිම් අපි සියලුදෙනා නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමක්. ජාතික ක්‍රිකට් කණ්ඩායමක්. අපි සියලුදෙනා එකතුවෙලා පැවීලියන් එකේ වාඩි වෙලා අපේ කණ්ඩායමට  උද්යෝගය නංවන්න අත්පුඩි ගස්සන්න අපි ලෑස්ති වෙන්න ඕනී. 

අපේ ​අපේක්ෂාව යළි අපේ රටේ කෙදිනකවත් කවර වර්ගයේවත් යුධ ගැටුමක් ඇති නොවී තිබෙන්න. අපි සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වෙන්න ඕනී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *