දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය…

දුම්රිය ගාස්තු සහ අනෙකුත් දුම්රිය ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය දා ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුනරාවර්තන පාඩුව තවදුරටත් ඉහළ ගොස් නිසි සේවාවක් ලබා දීමට නොහැකි වී ඇති බව රජය පවසයි.

එමගින් දුම්රිය ගාස්තු සහ අනෙකුත් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මේ වනවිට නිරීක්ෂණය වී තිබේ.

පසුගිය වසර 5 තුළ සංශෝධන නොකළ දුම්රිය ගාස්තු සහ පසුගිය වසර 14 තුළද සංශෝධනය නොවූ අනෙකුත් දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *