දුම්රිය ගාස්තු වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී.

රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී (GMR) ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ කාර්යාල සේවකයන්ගේ තදබදය අවම කිරීම සඳහා නව දුම්රිය කිහිපයක් අද සිට පවතින ඇණියට එක් කරන බවයි.

එමෙන්ම ඉදිරියේදී නව දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියා.

“මේ වන විට දුම්රිය අය කරන්නේ බස් ගාස්තුවෙන් සියයට 20ත් 24ත් අතර ප්‍රමාණයක් පමණයි.ඒ නිසා ඩීසල් මිල වැඩිවීමත් සමඟ අපේ වියදම විශාල ලෙස වැඩිවෙලා.නමුත් අපේ ආදායමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.මගීන් මෙම සේවාව ලබාගන්නේ අවම පිරිවැයක්,” ඔහු පැවසීය.

එබැවින් ඉදිරියේදී රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දෙපාර්තමේන්තුවට ඉඩ ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද GMR වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *