දුම්රිය ගාස්තු වැඩිවෙයි…

අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව නගරාන්තර සහ දුර ගමන් විශේෂ දුම්රිය ගාස්තු ඊයේ රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බවයි.

ඒ නිසා උතුරු සහ උඩරට මාර්ගයේ නගරාන්තර ගාස්තු වැඩිකර තිබෙනවා. කොළඹ සිට මහනුවරට පළමු පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 1000 දක්වාත්, දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රය රුපියල් 500 දක්වාත්, තුන්වැනි පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 300 දක්වාත් වැඩි කර ඇත.

SLSMU සභාපති සුමේධා සෝමරත්න කියා සිටියේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් වුවද ඔවුන්ද ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි.

එම නිවේදනය අඟහරුවාදා (22) නිකුත් කළද එය මෙතෙක් කිසිදු දුම්රිය ස්ථානයකට පැමිණ නැත.

ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ කාර්යාල වෙත දැනුම් දී ඇත්තේ පසුදා අලුයම 1.00ටය.

මෙම හදිසි තීරණයත් සමග දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙන්ම මගී ජනතාවද අපහසුතාවට පත්වී ඇත.

ඇතැම් දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු දැනට පවතින ගාස්තුවෙන් 50%ත් 60%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව පීඩාවට පත්වී පාගාගෙන සිටින විට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑම විකාර සහගතය.

කෙසේ වෙතත් ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි දුම්රිය එන්ජින් රියදුරන් සහ අධිකාරී සංගම් ප්‍රකාශ කළේ.

මෙම වැඩිවීමත් සමඟ දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර හිමියන්ට සහ වරෙන්තු වරප්‍රසාද හිමි අයට පීඩාවට පත්වන බවද ඔවුහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *