දිස්ත්‍රික්ක 10කට කාලගුණයෙන් රතු නිවේදන

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක 10කට තද වැසි පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 10.00 සිට හෙට (05) පෙරවරු 09.00 දක්වා එම උපදේශනය ක්‍රියාත්මක වන බවයි.

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වයෙහි බලපෑම යටතේ ඌව පළාතට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, මඩකලපුව, අම්පාර, මාතලේ, පොළොන්නරුව, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද අපේක්ෂා කළ හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *