දිස්ත්‍රික්ක කිහිපයකට සවස ට වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *