දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාධ්‍ය ආවරණයට අවසර ලැබෙයි.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍ය අවණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබා දෙන ලෙස ප්‍රකාශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා විසින් වන චක්‍රලේඛ නිකුත් කර තිබේ.

ඒ අනුව එම කමිටු රැස්වීම් පැවැත්වෙන ශාලාවේ පවත්නා ඉඩකඩ වෙන් කිරීමේ සීමාවට යටත්ව මාධ්‍ය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබා දෙන ලෙස මෙම ස්වදේශ කටයුතු චක්‍රලේඛයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය මගින් මීට පෙර නිකුත් කරන ලද 2/2021 චක්‍රලේඛයේ අංක 28 ඡේදය මෙලෙස සංශෝධනය කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *