දිස්ත්‍රික්ක 9කට තද වැසි ගැන අනතුරු ඇඟවීමක්…

අද පෙරවරු 10.00 සිට ඉදිරි පැය 24 සඳහා තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

අද පෙරවරු 09.30 සිට ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ නිවේදනයක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එබැවින් ඉදිරි පැය 24 තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට උපදෙස් දී ඇත.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 325ක පුද්ගලයින් 1214 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටිති.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (05) වන විට පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *