දිස්ත්‍රික්ක පහකට නාය අනතුරු

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඊයේ (4) පස්වරු 6.00 සිට අද (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැගවීමේ පනිවිඩ නිකුත් කර ඇත .

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ඇල්ල ,හාලිඇල , පස්සර, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිළ , බඩල්කුබුර , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල , සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සදහා මෙසේ නායයාමේ පුණ අනතුරු පනිවිඩ අද 4 පස්වරුවේ නිකුත් කරනු ලැබූහ.

මේ අතර ඊයේ (4) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන්  හාලිඇල උඩුගම ප්‍රදේශයේ ගවයින් දෙදෙනකු මිය ගිය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *