දින 53කට පසු පාලවියට හෙට දුම්රියක් යයි

දිට්වා සුළි කුනාටුවෙන් විනාශ වි ගිය පුත්තලම දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරමින් දින 53 කට පසු නැවත පාලවිය දක්වා දුම්රිය ධාවනය හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රීය දෙපාර්තුමේන්තුව පවසයි.

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් රටපුරා දුම්රිය මාර්ග රැසක් විනාශ වූ අතර  මිගමුවේ සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයට ද දරුණු හානි සිදු විය.

මෙම දුම්රීය මාර්ගයේ හානි වු ස්ථාන ක්‍රමයෙන් සැකසිමට දුම්රිය දෙපාර්තුමේන්තුවේ නඩත්තු ඒකකයෙ කාර්ය මණ්ඩලය  යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් සැකසිම සිදුවු අතර ඒ අනුව මහවැව ප්‍රදේශයෙ දරුණු හානියකට ලක්වු ස්ථානය යලි සැකසිමේන් පසු හලාවත දක්වා දුම්රිය ධාවනයට පසුගිය දින කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *